දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටියන් වෙනුවෙන් පැවති ජේෂ්ඨ පුරවැසි සූර්ය මංගල්‍ය 26/04/2023 වන දින උත්කර්ෂවත් අයුරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමාජ සේවා අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන විචිත්‍රවත් නර්තනාංග, අවුරුදු ජන ක්‍රිඩා හා විනෝදාත්මක අංග වලින් සමන්විත විය. මෙහිදී ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයට සම්බන්ධ සාමාජික සාමාජිකාවන් හා සිරිසුමන වැඩිහිටි නිවාසයේ නේවාසික නේවාසිකාවන් ගේ දක්ෂතා එළිදැක්වීමටත්, ඔවුන්ගේ මානසික සතුට වර්ධනය කිරීම සදහාත් අවස්ථාව උදාවිය. කාර්යාලයීය නිලධාරීන්ගේ නොමසුරු සහයෝගය මේ වැඩසටහනේ තරග සංවිධානය හා තරග විනිශ්චය සදහා ලැබුණු අතර මේ සදහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වූ ඔවුන්ට කෘතවේදීත්වය පල කරමු. තවද දිවා ආහාරය සැකසීම සදහා සිය දායකත්වය ලබා දුන් ලස්සේගම වැඩිහිටි සමිතියට හා ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයටද අපගේ කෘතවේදීත්වය පල කරමු.





0 Comments