අනුරාධපුර ගොවීන් විසින් මහ කන්නයේදී වගා කල වී අස්වැන්න රජය විසින් මිලදීගැන කෑගල්ල දිත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක වෙත නොමිලයේ සහල් ලබා දීමේ වැඩසටහන යටතේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහන 2023.04.08 දින ගරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය, දැරණියගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති කනක හේරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ සදහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශ්යාමින්ද මැතිතුමා, දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමිය, හා කාර්යාලීය නිලධාරීන් සහභාගි විය. මේ යටතේ ප්‍රථමයෙන්ම දැරණියගල උතුර, වත්තේගෙදර, දැරණියගල දකුණ වසම් වල ප්‍රතිලාභී ජනතාව වෙනුවෙන් සහල් කිලෝ 10 බැගින් බෙදාදීම සිදුකරන ලදී.