දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සූර්ය මංගල්‍යය 2023
---------------------------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කීරීමේ අරමුණින්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, බක්මහ උළෙල_2023 අති උත්කර්ෂවත් අන්දමින් 2023.04.29 දින දවස පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රිඩා පිටියේදී පැවැත්විණි.
කාර්යාල නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් තරග රැසක් මෙහිදී පැවැත්වුණු අතර, කඹ ඇදීම, හොදම නර්තන යුගලය තේරීම, බැලුන් නර්තනය, විලාසිතා තරගය, සංගීත පෙට්ටි තරගය, බඹර ගමන, වතුර පිරවූ බැලුන් ඇල්ලීම, ඉදිකටුවට නූල දැමීම, වාසනා මුට්ටිය බිදීම ආදී විනෝදාත්මක තරග රැසක්ද, විවිධ ඇදුම් තරගය, ටොෆි ඇහිදීම, අලියට ඇස තැබීම ආදී තරග දරුවන් වෙනුවෙන්ද, සංවිධානය කර තිබුණි. අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ තරගය කාර්යාල නිලධාරීන් වෙනුවෙන් පමණක් පැවැත්විණි. මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය වූ සැමට හදපිරි ප්‍රණාමය පුද කරමු.









0 Comments