දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, දොඩාවත්ත ග්‍රාම නිලධාරීතුමා කපිල සේනාරත්න මහතාගේ සංවිධානයෙන්, කාර්යාලයේ නිලධාරීන් ඇතුළු බොහෝ පරිත්‍රාගශීලීන්ගේ සහයෝගය ඇතිව දොඩාවත්ත වසමේ නූරි වත්තට අයත් ඉතා අබලන් තත්වයේ පැවති වේළු සන්දනම් මහතාගේ නිවස වෙනුවට නව නිවසක් ඉදිකර දීම සඳහා වූ සත්කාරය 2023.02.28 දින ආරම්භ වූ අතර 2023.03.28 දිනට යෙදුණු සුබ මොහොතින් එම නව නිවසට ගෙවැදීම හා එම යුවලට නිවස භාර දීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් නූරි වතු පරිශ්‍රයේදී සිදු කෙරිණි. මේ අවස්ථාව සදහා කාර්යාලයීය නිලධාරීන්, වසමේ නිලධාරීන්, දොඩාවත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා හා මේ කාර්ය වෙනුවෙන් උරදුන් සමාජ සේවකයන් සහභාගි විය.
මේ සදහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පල කරමු
.




0 Comments