08/03/2023 වන දින දැරණියගල සිරිසමන් ජාතික පාසලේ අ.පො.ස. උ / පෙළ පන්ති වල දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය මාලබේ ස්ලිට් කැම්පස් ( SLIIT Campus ) ආයතනයේ තොරතුරු තාක්ෂණ පීඨයේ කථිකාචාර්ය බිනර මහතා හා ප්‍රවර්ධන අංශයේ අංශ ප්‍රධානි මිහිරාන් මහතා විසින් ලබාදෙන ලදී.

මෙම වැඩසටහන ඉතා සාර්ථක පැවැත්වීමට අපට අවශ්‍ය සහය ලබාදුන් සිරිසමන් ජාතික පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා SLIIT campus හි සම්පත් දායකත්වයට බෙහෙවින් ස්තූතිය පුද කරමු.