දොඩාවත්ත වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ සංවිධානය ඇතිව කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙනුවෙන් පැවැත්වූ ආහාර සුරක්ෂිතතාවය හා ඌන උපයෝජිත ආහාර යළි ප්‍රජාවට හදුන්වා දීම අරමුණු කරගත් වැඩසටහනක් 2023/03/10 වන දින දොඩාවත්ත වසමේදී පැවැත්විණි. මේ සදහා සම්පත් දායකත්වය වනිතා සංවර්ධන නිලධාරීතුමිය විසින් ලබාදුන් අතර එහිදී කොහිල බෝල්ස්, මඤ්ඤොක්කා බයිට්ස් සකස් කිරීම පිළිබඳව ප්රායෝගිකව දැනුවත් වීමට පැමිණ සිටි පිරිසට අවස්ථාව උදා විය. මේ සදහා සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට හා ප්‍රජාවට කෘතවේදීත්වය පල කරමු.


0 Comments