ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමෘද්ධි අංශයේ මෙහෙයවීමෙන් දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම හා වඩා හොඳ ප්‍රතිලාභ දරුවන්ට ලබා දෙන සමෘද්ධි ළමා ගිණුම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොලක් 2023/03/05 ඉරුදින මාගලදී පවත්වන ලදී. මාගල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කල මෙම පොල සදහා මාගල වසමට අයත් "සිරි සිදුහත්" සමෘද්ධි කැකුළු ළමා සමාජයේ දුවා දරුවන් සහභාගි වූ අතර ප්‍රදේශවාසීන්ගෙන් මේ සදහා ලැබුණු සහයෝගයට කෘතවේදීත්වය පල කරමු.