දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් ප්‍රදේශයේ වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය වන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස සමාජ සේවා අංශය හා නිල්වල ග්‍රාම නිලධාරීතුමාගේ සංවිධානයෙන් නිල්වල වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවන් එක් දින චාරිකාවක් සදහා 2023.03.04 දින සහභාගි කරවන ලදී. මෙහිදී කළුතර බෝ සමිඳුන්, කන්දේ විහාරය, සීනීගම දේවාලය, රූමස්සල ශ්‍රී විවේකාරාමය හා ජපන් සාම චෛත්යය වැදපුදා ගැනීමට වැඩිහිටියන් හට අවස්ථාව උදාවිය. ඒ අතර කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හා ගාලූ කොටුව නැරඹීමද මෙම චාරිකාවේදී සිදු කෙරිණි. මේ සද්කාර්යය සදහා අනුග්‍රහකත්වය දැක්වූ ව්‍යාපාරික අසිත විජේසූරිය මහතාට කෘතවේදීත්වය පල කරමු 



0 Comments