දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, වැවිලි ප්‍රජා පහසුකම් සලසන්නා නිලධාරින්ගේ සම්බන්ධීකරණයෙන්, අංහෙට්ටිගම හා කෙහෙල්වල වතු අධිකාරිවරුන්ගේ හා සුභසාධන නිලධාරින්ගේ අනුග්‍රහයෙන්, වසමේ ග්‍රම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරින් හා ප්‍රජා නායකයින්ගේ දායකත්වයෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංහෙට්ටිගම, උඩබාගේ හා ලස්සේගම යන ග්‍රාම නිලධාරී වසම්වල මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කල ජංගම සේවා වැඩසටහන 2023.03.31 වන දින උඩබාගේ වසමේ වතු ප්‍රජාවගේ ගැටළු නිරාකරණය කිරීම ප්‍රමුඛ කරගෙන වැළිහිද ගොවි සෙවණ මධ්යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී ඒ ඒ විෂයයන්ට අදාළ සේවා රැසක් ඉටු කිරීමට නිලධාරීන් ක්‍රියාමාර්ග ගන්නා ලදී. එහිදී වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම, උපදේශන සේවා ඇතුළු සමාජ සේවා කටයුතු, හැදුනුම්පත් සැකසීමේ කටයුතු, උප්පැන්න සහතික නිකුත් කිරීම ඇතුළු රෙජිස්ට්රාර් අංශයේ කටයුතු, කාර්යාලයේ ක්ෂෙත්‍ර නිලධාරින්ගෙන් සිදුවන සේවාවන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය සායනයක් ඇතුළු සේවා රැසක් එම ස්ථානයේදීම ලබාගැනීමට මහජනතාවට හැකිවිය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් කෙහෙල්වල හා අංහෙට්ටිගම වතු සමූහයන්හි වතු අධිකාරිවරුන් ඇතුළු සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු



0 Comments