ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් තරුණයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම උදෙසා පවත්වන වැඩසටහනක් ලෙස මියනවිට ප්‍රජාශක්ති පදනමේ ඉල්ලීම පරිදි, තොරතුරු තාක්ෂණ පාඨමාලාව හදාරන එම සංවිධානයේ
සාමාජික දරුවන් සදහා "හෙට වෙනුවෙන් අද සූදානම් වෙමු" යන්න තේමා කර ගත් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් 2023.03.30 වන දින මියනවිටදී පැවැත්විණි. එහි සංවිධාන කටයුතු ප්‍රජාශක්ති පදනම මගින් සිදුකරනු ලැබූ අතර සම්පත් දායකත්වය මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් ලබා දෙන ලදී. මේ සදහා සහයෝගය දැක්වූ සැමට අපගේ කෘතවේදීත්වය පල කරමු.