දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, 03/03/2023 වන දින දෙමැද ගම නිලධාරී කොට්ඨාසයේ, ආහාර සුරක්ෂිතතා හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහනට සමගාමීව කුස්සියට බිම්මලක් වැඩසටහන කෘ.ප.නි.ස නිලධාරී රේණුකා මහත්මිය විසින් සිදු කරන ලදි. එසේම වනිතා සංවර්ධන නිලධාරීතුමිය විසින් ස්වයං රැකියා අවස්තා ඇතිකිරීම උදෙසා බයිට්ස් හා ලුණු දෙහි සෑදීම සදහා ග්රාමීය කාන්තාවන් දැනුවත් කිරිම වැඩසටහන ද සිදුකරන ලදී. මෙහිදී වනිතා සංවර්ධන නිලධාරීනිය විසින් අවට පරිසරයෙන් සොයාගත හැකි දේවල් භාවිතා කිරීමෙන් සැකසිය හැකි වෙනත් ආහාර වර්ග පිළිබඳව ද දැනුවත් කරන ලදි .