දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් කාන්තා සමිති වල සාමාජිකාවන් ස්වයංරැකියා සදහා යොමු කිරීමේ වැඩසටහන් රාශියක් සංවිධානය වන අතර ඉන් එක් වැඩසටහනක් අංහෙට්ටිගම කාන්තා සමිතියේ සාමාජිකාවන් සදහා විද්‍යා හා තාක්ෂණ නිලධාරී රවීන්ද්රා නාථාවිතාරණ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2023.03.28 දින අංහෙට්ටිගමදී පැවැත්විණි. සබන් නිෂ්පාදනය හා සීනී බට්ටෝ සැදීම පිළිබඳව ප්‍රායෝගික දැනුවත් කිරීමක් මෙහිදී සිදු කෙරිණි. ඊට අමතරව මෙම නිෂ්පාදන සදහා වෙළඳ පොළ සකස් කරගන්නා ආකාරය පිළිබඳවද දැනුවත් කරන ලදී. මේ සදහා අංහෙට්ටිගම හා පනාකූර කාන්තා සමිති වල සාමාජිකාවන් සහභාගි වූ අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු සදහා අංහෙට්ටිගම වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය සමබන්ධ විය.



0 Comments