දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි, ඌඩපොල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, සමෘද්ධි සංවර්ධන නිලධාරි ඩබ්.ජී.පී.කුමාර මහතා විසින් සංවිධානය කරනලද ගෙවතු වගාව සහ කෘෂි භෝග අපනයනය පිළිබඳ ප්‍රායෝගික දැණුවත් කිරීමේ වැඩසහනක් මියනවිට සමෘද්ධි සමූහ ගොවිපලේදි 2023.03.14 දින පැවැත්විණි. දැරණියගල කෘෂිකර්ම උපදේශක මහත්මාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අපනයන සංවර්ධන නිළධාරි, සමාජ සංවර්ධන නිළධාරි ඇතුලු ඌඩපොල වසමේ ප්‍රතිලාභින් රැසක් සහභාගී විය.