මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය, දිසා රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය සභාව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන්ම ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.03.03 වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය නිවාරණය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සම්බන්ධ කෑගලු දිස්ත්‍රික් භාර බාහිර සේවා සහකාර එස්.සී.තොටවත්තගේ පියතුමන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනට පුනරුත්ථාපන ජෙනරාල් කාර්යාලය නියෝජනය කරමින්, කර්නල් ඩබ්ලිව්.ඒ.එම්. නිශ්ශංක මහතා, මේජර් ඒ.යූ.ඩී. ජයසිංහ මහතා සහ උපදේශන නිලධාරීණි ජී.ජී.වයි.එන්. ගමගේ මිය සහභාගි වූ අතර, සංගීතවේදී අසංක ඉන්දික මහතාගේ මියුරු ගීත කිහිපයකින්ද වැඩසටහන රසවත් කෙරුණි. මේ සදහා අනුග්‍රාහක දායකත්වය කම්ප්ලීට් විදේශ රැකියා ආයතනය වෙතින් ලබාදුන් අතර, එය කෘතවේදීව සිහිපත් කරමු
🙏