ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමාජ සේවා අංශය මගින් සිරි සුමන වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් වෙනුවෙන් පවත්වන වැඩසටහන් අතර එක් වැඩසටහනක් ලෙස 2023.03.19 වන ඉරුදින වැඩිහිටියන් වන්දනා චාරිකාවක් රැගෙන යාම හා ධර්ම දේශනාමය වැඩසටහනකට සහභාගි කරවීම සිදුවිය. මෙහිදී මානියංගම රජමහා විහාරය වැදපුදා ගැනීමට හා මානියංගම රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයකට සවන්දීමට හා දිවා භෝජනය භුක්ති විදීමට වැඩිහිටියන්ට අවස්ථාව උදා විය. ධර්ම දේශනාමය පිංකමට වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක කෘතවේදීත්වය පල කරන අතර මේ වැඩසටහන සදහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දුන් කෙහෙල්වල පදිංචි සුරේෂ් ලක්මාල් මහතාට හා එතුමාගේ පවුලේ සැමට අපගේ කෘතවේදීත්වය පල කරමු.