දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අංශය, You Lead ආයතනය හා අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකයේ සම්බන්ධිකරනයෙන් පාසල් හැරගිය තරුණ තරුණියන් ඉලක්ක කරගත් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් 2023.03.17 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පවත්වනලදි. තරුණ තරුණියන් 35 දෙනෙකු පමණ සහභාගි වු⁣ මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය වෘත්තීය පුහුණු අධිකාරියේ කැගල්ල දිසත්‍රික් බාර වැඩසටහන් නිලධාරි, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ පුහුණු පරීක්ෂක නිල්ධාරිනි හා You Lead ආයතනය විසින් දරන ලදි.