දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සමෘද්ධි අංශයේ ක්‍රියාත්මක කරනු ලබන සෞභාග්‍ය විශේෂ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ රු. 225,000.00 මුදලක් වැයකර, මාළිබොඩ කලාපයේ නක්කාවිට වසමේ එන්.කේ.රජිත ජනිත් මහතා ඇතුලු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරනලද නව නිවහන 2023.03.10 දින පෙ:ව 10 යෙදුන සුබ මොහොතින් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාවට දැරණියගල සමෘද්ධි බැංකු සමිති කළමණාකාරු, මාළිබොඩ කලාප කළමණාකාරු, සමාජ සංවර්ධන නිළධාරි, සමෘද්ධි සංවර්ධන නිළධාරි, ග්‍රාමනිළධාරි, සංවර්ධන නිළධාරි ඇතුලු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.