පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වය මත ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සමාජ සේවා අංශය සංවිධානය කල නක්කාවිට වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පැවැත්වූ ආයූර්වේද සත්කාරක වැඩසටහන 2023.03.02 දින නක්කාවිට ප්‍රජා ශාලා පරිශ්‍රයෙදී දිනය පුරා ක්‍රියාත්මක විය.මේ සදහා දැරණියගල ප්‍රජා වෛද්‍ය නිලධාරීතුමිය සහභාගි විය. මෙහිදී බෝ නොවන රෝග වලක්වා ගැනීම හා යහපත් සෞඛ්‍ය යක් පවත්වාගන යාමට අවශ්‍ය දැනුම ලබා දීමේ දේශනයකට සවන් දීමටත්, ඒ පිළිබඳව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමටත්, සිය ලෙඩ රෝග හඳුනා ගැනීමටත්, ඒවාට ආයූර්වේද ප්‍රතිකාර ලබා ගැනීමටත් ප්‍රදේශවාසීන්ට අවස්ථාව උදා විය. මෙම වැඩසටහන සදහා නක්කාවිට වසමේ ග්‍රාම නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමිය දැක්වූ සහයෝගය හා ප්‍රදේශවාසීන් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කරමු.



0 Comments