දැරණියගල ප්‍රාදේශීය කාන්තා දින සැමරුම 2023
----------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් "ඇය දැයේ අභිමානයයි" තේමාව කරගත් ජාත්‍යන්තර කාන්තා දින උත්සවයට සමගාමී කාන්තා දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සංවිධානයෙන් 2023.03.22 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මෙහිදී 2022 වර්ෂයේ හොඳම ව්‍යවසායිකාවන් තේරීමේ තරගාවලියෙන් තෝරා ගනු ලැබූ කාන්තා ව්‍යවසායිකාවන් සඳහා සම්මාන හා තිළිණ ප්‍රදානය සිදුවිය. ඒ සමගම ජේෂ්ඨ කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් සඳහා ඇගයුම් සම්මාන හා තිළිණ ප්‍රදානයද සිදු කෙරිණි. අවශ්‍යතා සහිත පවුල් ඒකක වල කාන්තාවන්ගේ දරුවන් සදහා අධ්‍යාපන උපකරණ ලබා දීමද මෙහිදී සිදු විය. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය මහනුවර සමාජ සංවර්ධන ආයතනයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ උපදේශිකා පී.යෝගේෂ්වරී මහත්මිය විසින් සිදු කරන ලදී.
මෙහිදී දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය You tube නාලිකාව (https://www.youtube.com/@DERANIYAGALA) ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් අන්තර්ජාලයට මුදා හැරීමද සිදු කරන ලදී. කාන්තාවගේ අභිමානය පිළිබඳව කාර්යාල නිලධාරීන් ඉදිරිපත් කල කෙටි නාට්යකින් හා නර්තනාංග හා ගායනා වලින් වැඩසටහන විචිත්‍රවත් විය. මේ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්යාලයීය නිලධාරීන්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු නිලධාරීන්, දැරණියගල බැංකු වල කළමනාකරුවන් හා නිලධාරීන් සහභාගි වූ අතර මේ වැඩසටහන සදහා අනුග්‍රහකත්වය ලබාදුන් දැරණියගල ප්‍රාදේශීය සභාව, දැරණියගල ජාතික ඉතිරි කිරීමේ බැංකුව, දැරණියගල සණස සංවර්ධන බැංකුව, දැරණියගල ලංකා බැංකුව, දැරණියගල මහජන බැංකුව, ඇහැලියගොඩ කරිටාස් සෙත්මිණ ආයතනය, ඇහැලියගොඩ OCERP ආයතනය හා මහනුවර ISD ආයතනය කෘතවේදීව සිහිපත් කරමු





0 Comments