Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ජංගම උපදේශන වැඩසටහන





දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් උපදේශන නිලධාරීතුමිය විසින් සම්බන්ධීකරණය කල ජංගම උපදේශන වැඩසටහන 2023.02.28 දින මියනවිට දෙමළ විද්‍යාලීය පරිශ්‍යයේදී පැවැත්විණි. මේ සදහා #Smile_Srilanka_Foundation ආයතනය සම්පත් දායකත්වය ලබාදුන් අතර එම ආයතනයේ මනෝ උපදේශකයින් හා මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු මේ වැඩසටහනට සම්බන්ධ විය. මෙහිදී,
01.වතු කාන්තාවන් සදහා සතුටු පවුල නිර්මාණය කිරීම.
02.කාන්තාවන්ගේ, වැඩිහිටියන්ගේ, දරුවන්ගේ මානසික ආබාධ හඳුනා ගැනීම.
03.වතු ප්‍රජාවගේ සතුටු පවුල ශක්තිමත් කිරීම....මූලික අරමුණු වූ අතර ඒ සදහා,
01.ජංගම උපදේශන සායන
02.කණ්ඩායම් උපදේශන වැඩසටහන්
03.මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්
ආදී ක්‍රමවේද ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී හඳුනා ගත් රෝගීන් වෛද්‍යවරුන් වෙත යොමු කරණ ලදී. මෙම වැඩසටහන සදහා සහයෝගය දැක්වූ මියනවිට දෙමළ විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, දරුවන් හා මියනවිට වතු සමූහයේ කළමනාකාරතුමා, සුබ සාධන නිලධාරීතුමිය ඇතුළු පිරිස හා නාට්‍ය ජවනිකා ඉදිරිපත් කල දෙමැද පුබුදු ළමා සමාජයේ දරුවන්ට අපගේ කෘතවේදීවත්වය පල කරමු.
වසමේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීන් හා දෙමැද වසමේ සංවර්ධන නිලධාරී මෙන්ම කාර්යාලීය වැවිළි ප්‍රජා සන්නිවේදන පහසුකම් සලසන නිලධාරීතුමිය, පරිවාස සංවර්ධන නිලධාරීතුමිය, බහු කාර්ය සහයක නිලධාරීන් මේ සත්කාර්ය සාර්ථක කර ගැනීම සදහා දැක්වූ සංවිධාන ශක්තිය ගෞරවයෙන් සිහිපත් කරමු. #Smile_Srilanka_Foundation ආයතනයටද දැරණියගල ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් දැක්වූ අනුග්‍රහකත්වයට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරම
🙏



 

Post a Comment

0 Comments