දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය මානව සම්පත් සංවර්ධන සැලසුම 2023 ට අදාලව නායකත්වය හා පෞරුෂත්ව සංවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවේ 1 වන අදියර ලෙස දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුකාර්‍ය සංවර්ධන සහයකයින් හා කාර්‍යාලයීය කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය උදෙසා පැවැත්වූ පෞරුෂත්ව සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩසටහන 2023.02.07 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී හා කාර්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.මෙහිදී කණ්ඩායම් ක්‍රියාකාරකම්, මානසික සංවර්ධන වැඩසටහන්,මෘදු කුසලතා,පරිසර සංරක්ෂණය සම්බන්ධ දේශන,විදේශ රැකියා ප්‍රවර්ධන දැනුවත් කිරීම් ආදී වැඩසටහන් වලට සක්‍රීයව සහභාගි වීමට බහුකාර්‍ය සහයක නිලධාරීන් හා කාර්‍යාලයේ කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ නිලධාරීන් හට අවස්ථාව උදා විය.මේ සදහා සම්පත් දායකත්වයෙන් කාර්‍යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරී,නිපුණතා සංවර්ධන නිලධාරී, ව්‍යවසාය සංවර්ධන නිලධාරී,කළමනාකරණ සේවා නිලධාරී දක්ෂි මහතා,සමාජ සේවා නිලධාරී සම්බන්ධ වීම කැපී පෙනුන අතර විශේෂ දැනුවත් කිරීම් සදහා කාර්‍යාලයීය පරිපාලන ග්‍රාම නිලධාරී,තරුණ සේවා නිලධාරී හා විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරී සහභාගි විය. වැඩසටහනේ සංග්‍රහ අනුග්‍රාහකත්වය ලබා දුන් දැරණියගල මැලිබන් ආයතනය කෘතවේදීව සිහිපත් කරන අතර රජයේ ප්‍රතිපාදන භාවිතයකින් තොරව පුහුණු වැඩසටහන පැවැත්වීම සුවිශේෂි විය.



0 Comments