දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන් එක්ව දොඩාවත්ත වසමේ නූරි වත්තට අයත් ඉතා අබලන් තත්වයේ පැවති වේළු සන්දනම් මහතාගේ නිවස වෙනුවට නව නිවසක් ඉදිකර දීම සඳහා වූ සත්කාර්ය 2023.02.28 දින ආරම්භ කරන ලදී. රෝගී අසරණ වයෝවෘධ ආබාධිත පුද්ගලයකු වන මේ මහතා හා ඔහුගේ අංශභාග රෝගී බිරිඳ වෙනුවෙන් මෙම නව නිවස ඉදිවන අතර මේ සදහා, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සමාජ සේවා අංශය, බහුකාර්ය අංශය හා සෙසු අංශවල නිලධාරීන්, දොඩාවත්ත වැඩිහිටි සමිතිය, නූරිවත්ත පාලනාධිකාරිය, නූරි පොලිසිය, ප්‍රදේශවාසීන් හා ව්‍යාපාරික ප්‍රජාව සිය සහයෝගය ලබා දෙන අතර මේ සදහා දායකත්වය දක්වන සියලු දෙනාට කෘතවේදීත්වය පල කරමු. විශේෂයෙන්ම මේ සත්කාර්යයට සංවිධානය ශක්තිය ලබා දෙන දොඩාවත්ත ග්‍රාම නිලධාරීතුමා, කපිල සේනාරත්න මහතාව ද කෘතවේදීව සිහිපත් කරමු.