රස්නක්කන්ද වසමේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගැනීම පිළිබඳ පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන්ව ප්‍රයෝගිකව දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා රස්නක්කන්ද පෙර පාසල් භූමීයේදී පැවැත්විණි. මෙහිදී දරුවන් සදහා පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කරගැනීම හා ඌණ උපයෝජන ආහාර වර්ග හඳුනා ගැනීම පිළිබඳව දැනුවත් වීමට දෙමාපියන්ට අවස්ථාව උදා විය. මේ සඳහා සම්පත් දායකත්වය විදාතා තාක්ෂණ නිලධාරී රවීන්ද්‍ර නාතාවිතාරණ මහත්මිය විසින් ලබා දුන් අතර මේ සදහා සහයෝගය ලබා දුන් වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට, ප්‍රෙදේශවාසීන්ට හා පෙර පාසල් ගුරුමහත්මීන්ට අපගේ කෘතවේදීත්වය පල කරමු.