ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම මත,පවත්නා ආර්ථික ගැටළු හමුවේ දිරියෙන් නැගී සිටින්නට වෙර දරන  දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයන් වෙනුවෙන් හා ව්‍යවසායකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් වෙනුවෙන් 
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ව්‍යාපාර සදහා පෙළඹවීමේ වැඩසටහන , 2023.02.16 දින විදාතා තාක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.මෙහිදී නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම,ව්‍යාපාර කරගෙන යාමේදී මුහුණ දෙන ගැටළු කළමනාකරණය කිරීම,ව්‍යාපාර ප්‍රවර්ධනය හා ස්ව ශක්තියෙන් නැගී සිටින්නට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ දේශන හා ප්‍රායෝගික අදහස් හුවමාරු සාකච්ඡා සදහා යොමු වීමට ව්‍යවසායකයින්ට අවස්ථාව උදාවිය.මේ සදහා සම්පත් දායකත්වය ලබාදුන් මානව සම්පත් නිලධාරි,අපනයන සංවර්ධන නිලධාරි සහ ව්‍යවසාය සංවර්ධන නිලධාරී හට කෘතවේදීත්වය පල කරමු.