දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් බස්නාගල කාන්තා සමිතියේ සාමාජිකාවන් සදහා ආහාර සුරක්ෂිතතාව හා ස්වයංරැකියා දිරි ගැන්වීමේ වැඩසටහනක් 2023.02.21 දින බස්නාගල විහාරස්ථානයේදී පැවැත්විණි. මෙහිදී කඩල පරිප්පු බයිට්, ජම්බු ජෑම්, කොහිල බෝල්ස් යන ආහාර වර්ග සැකසීම පිළිබඳව දැනුම ලබා ගැනීමට බස්නාගල කාන්තා සමිතියේ සාමාජිකාවන්ට අවස්ථාව උදා විය. මේ අවස්ථාවට සක්රීයව සහයෝගය දැක්වූ බස්නාගල ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හා සංවර්ධන නිලධාරී හට කෘතවේදීත්වය පල කරමු.