ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලයේ අනුග්‍රාහකත්වයෙන් ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සායන වැඩසටහන් මාලාවේ නියමු ව්‍යාපෘතිය  ලෙස ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් හා සමාජ සේවා  අංශයේ සම්බන්ධීකරණයෙන් 
2023.02.19 දින මාගල කනිෂ්ඨ  විද්‍යාලයේදි වෛද්‍ය කඳවුරක් පැවැත්විණි.මේ සදහා මාගල,මාලිබොඩ ,පොද්දෙනිකන්ද ,දික්ඇල්ලකන්ද,කොස්ගහකන්ද,යටිවල,  වසම්වල වයෝවෘද්ධ  පුද්ගලයින් 300කට ආසන්න පුමාණයක් පුතිකාර ලබා ගැනිම සදහා පැමිණි අතර එහිදී  අක්ෂි,දන්ත,ශ්‍රවණ,විකලාංග හා බෝනොවන රෝග ,සායනයන් වලට සම්බන්ධ වී නොමිලේ ප්‍රතිකාර හා පරීක්ෂණ වලට යොමු වීමට ඔවුන්ට අවස්ථාව උදාවිය.ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මේ වැඩසටහන සදහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලයේ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් සහභාගී වූ අතර මේ සදහා සහයෝගය දැක්වූ  කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්‍යාලයට, දැරණියගල 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට,දැරණියගල දිස්ත්‍රික් රෝහලට, ඔසුහලට හා මේ සදහා සංවිධාන ශක්තිය ලබාදුන් පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු මාගල හා අවට වසම් වල ග්‍රාම නිලධාරීන්,සංවර්ධන  නිලධාරීන්ට හා දීප්ති වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවන්ට හා ප්‍රදේශවාසී සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.