නිල්වල, කීරිහේන ළමා සමාජ වල දූ දරුවන් සමග මාකන්දාව රක්ෂිතයේ පරිසර චාරිකාව
————————————————————-
පරිසරයේ වැදගත්කම මෙන්ම ආවේනික ශාක සහ සත්ව ප්‍රජාව අනාගත පරපුරට හඳුන්වා දීමේ අරමුණ පෙරදැරිව පුංචිමඩවල විහාරවාසී ශාත්‍රපති පණ්ඩිත පල්ලෙබාගේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ ආශිර්වාදයෙන්, දැරණියගල ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීම මත, කීරිහේන වසමේ රාජ්‍ය නිලධාරී එකමුතුවේ කීරිහේන වසමේ සංවර්ධන නිලධාරී තුසිතපාල මහතාගේ සංකල්පයක් අනුව සැකසුනු ළමා සමාජ වැඩසටහනේ 02 වන අදියර ලෙස, ග්‍රාම නිලධාරීන් වන කපිල සේනාරත්න, ජගත් මංජුල සහ දිනේෂා තිලකරත්න යන මහත්ම මහත්මීන්ගේ සංවිධානයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිතුරු එකමුතුව සමග 2023.02.10 දිනය පුරා කිතුල්ගල මාකන්දාව රක්ෂිතය තුල මෙම පරිසර චාරිකාව සිදු කරන ලදී.
මෙම චාරිකාව සංවිධානයේදී සහයෝගය දැක්වූ සියළු ගම්වාසීන් හා දෙමව්පියන් ද, පරිසරවේදී උපාලි මහතා සහ කිතුල්ගල වනජීවී නිලධාරී මහතා ද දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ස්තුතිපූර්වකව සිහිපත් කරමු




0 Comments