75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවති ප්‍රාදේශීය නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අන්තර් අංශ අතර පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවති සුහද වොලිබෝල් තරගාවලියේ මූලික තරග 2023.02.03 හා 2023.02.04 දෙදින පැවති අතර එහි කාන්තා හා පිරිමි අංශ වල අවසාන මහා තරග 2023.02.06 දින පැවති අතර මෙහිදී කාන්තා තරගාවලියේ ජයග්‍රහණය තියුණු තරගයකින් අනතුරුව සංවර්ධන අංශය පරදවා ක්ෂේත්‍ර නිලධාරී ii කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.එහි පිරිමි තරගාවලියේ ජයග්‍රහණය ග්‍රාම නිලධාරී කණ්ඩායම පරාජය කරමින් බහුකාර්‍ය අංශය ජයග්‍රහණය කරන ලදී.ජයග්‍රාහී කණ්ඩායම් ද්විත්වයටම සහතික පත්‍ර පිරි නමන ලදී.ශූරතාවය හා අනුශූරතාවය දිනූ කණ්ඩායම් සියල්ලට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලු නිලධාරීන්ගේ සුභාශිංශන පිරිනැමේ.






0 Comments