Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

"75 තාරුණ්‍යයේ ආදර්ශය හරිත ශ්‍රී ලංකාවක්" - පා ගමන

 







        යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයත්, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ ජාතික සම්මේලනයත් එක්ව ජාතික නිදහස් දිනය වෙනුවෙන්  පවත්වනු ලැබූ ජාතික වැඩසටහනට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය,දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව හා පොලිසිය එක්ව සංවිධානය කල" 75 තාරුණ්‍යයේ ආදර්ශය හරිත ශ්‍රී ලංකාවක්" තේමාව කර ගත් කැළිකසළ නිසි ලෙස බැහැර කිරීම හා අපද්‍රව්‍ය කළමනාකරණය ගැන තරුණ ප්‍රජාව මූලික කරගෙන ප්‍රදේශයේ රාජ්‍ය ආයතන,ව්‍යාපාරික ස්ථාන හා නිවෙස් වල සිටින පිරිස් දැනුවත් කිරීමේ  පා ගමනක්,දේශනයක් හා තවත් අංග රාශියකින් සමන්විත වැඩසටහනක් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාදේශීය සභා  ලේකම්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  2023.02.03 දින දවස පුරා දැරණියගල නගරය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණි.මෙහි සම්බන්ධීකරණ කටයුතු තරුණ සේවා නිලධාරී විසින් සිදු කරන ලදී.





Post a Comment

0 Comments