මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරකම් පාදක කරගත් දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන-2023
දරුවකුගේ ජීවිතයේ මුල් මූලික අඩිතාලම මුල් ළමාවිය සංවර්ධනයයි.මේ සම්බන්ධයෙන් දෙමව්පියන් වෙනුවෙන් වරින්වර දැනුවත් කිරීම් සිදුකළද එම දැනුම යාවත්කාලීන කිරීම අවශ්‍ය ඇති බැවින් දෙමාපියන්ට සිය මුල් ළමාවිය අතීතාවර්ජනය කිරීමත්, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයටත්, දෙමාපියන්ට දරුවන්ගේ පෞරුෂය වර්ධනය ඇති කිරීමට ඇති නැඹුරුව ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගත් "දවසක් අපි දරුවන් වෙමු" තේමා කර ගත් විනෝදාත්මක අධ්‍යාපනික වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් ප්‍රාදේශීය සභා පෙර පාසල් පරිශ්‍රයෙදී 2023.02.09 දින පැවැත්විණි. විශේෂයෙන්ම දරුවන්ගේ පංචෙද්‍රරියන්ට අත්දැකීම් ලබා දීම හරහා අනාගතයේ පෞරුෂවත් පුද්ගලයකු බිහි කිරීම සහ ඒ සදහා දෙමාපියන්ගේ සක්රීය දායකත්වය ලබා ගැනීම මෙහි අරමුණ විය. මේ සදහා සම්පත් දායකත්වය දැරණියගල හා දෙහිඕවිට මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනියන් ලබා දුන් අතර පෙර පාසල් ගුරු සංගමය ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරමු.