ප්‍රජා විශෝධන පණත සමාජ ගත කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන- 2023
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් 2023.02.16 දින නක්කාවිට වසමේදී පැවති මෙම වැඩසටහනට බස්නාහිර පළාත් ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී හා අවිස්සාවේල්ල මහේත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීන් දෙදෙනාගේ අනුග්‍රහකත්වය හිමිවූ අතර ප්‍රජා විශෝධන පණත ජනතාවට ග්‍රහණය කර ගත හැකි අයුරින් රඟ දැක්වූ වීදී නාට්‍ය දර්ශනයකින් හා ප්‍රජා විශෝධන පණත හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් මෙය සමන්විත විය. මේ වැඩසටහන සංවිධානය කිරීමේ කටයුතු වලින් සහය වූ වසමේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී, මත්ද්‍රව්‍ය නිවාරණ බහුකාර්ය සහයක නිලධාරී ඇතුළු පිරිස හා ප්‍රදේශවාසී දූ දරුවන්, ප්‍රදේශවාසීන් හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ලබා දුන් සහයෝගය කෘතවේදීව සිහිපත් කරමු.



0 Comments