දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,නිල්වල හා කීරීහේන වසම් වල රාජ්‍ය නිලධාරී එකමුතුව සමගින් නිල්වල කණිෂ්ඨ විද්‍යාලය එක්ව සංවිධානය කල නායකත්ව පුහුණු හා පෞරුෂත්ව වර්ධන වැඩසටහන හා ළමා කඳවුර දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් නිල්වල කණිෂ්ඨ විද්‍යාලයීය පරිශ්‍රයේදී 2023.01.25 දිනය පුරා පැවැත්විණි.මෙහිදී පෞරුෂ වර්ධන වැඩමුළු,ධනාත්මක චින්තන වැඩසටහන්,විනෝදාත්මක වැඩසටහන්,නාට්‍ය චිකිත්සා ආදී සුවිශේෂී වැඩසටහන් රාශියක අත්දැකීම් ලබා ගැනීමට ප්‍රදේශයේ දරුවන්ට අවස්ථාව උදාවිය.සංවර්ධන නිලධාරී පී.කේ.තුසිතපාල මහතාගේ සංකල්පයක් අනුව හා කපිල සේනාරත්න ග්‍රාම නිලධාරීතුමාගේ මග පෙන්වීම හා ඔවුන්ගේ හිතවතුන්ගේ මූල්‍ය අනුග්‍රහය මත මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයෙන් පැවති මේ වැඩසටහනට නිල්වල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කාර්‍ය් මණ්ඩලය,ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්,නිල්වල හා අවට වසම් වල ව්‍යාපාරික ප්‍රජාව,ප්‍රදේශවාසීන් හා දරුවන්ගේ දෙමාපියන් දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කරමු.





0 Comments