තෛපොංගල් දින ප්‍රාදේශීය සැමරුම් උත්සවය සබරගමු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වයෙන්  දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2023.01.23 දින කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඉලුක්තැන්න කෝවිලේ කුරුක්කල්තුමා  තෛපොංගල් සැමරුම්  පූජාවන් සිදුකිරීමෙන්  ලබාදුන් සහයෝගයට කෘතවේදීත්වය පල කරන අතර  කදිරේෂන් ද්‍රවිඩ විද්‍යාලයේ හා කාර්‍යාලයීය නිලධාරීන්ගේ විචිත්‍රවත් අංග වලින් උත්සවය වර්ණවත් විය.