ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කළ 2023 වර්ෂාරම්භක අධ්‍යාත්මික වැඩසටහන පසුගියදා ශෛලගිරිය ආරණ්‍ය සේනාසනයේදී ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් පැවති අතර මෙය විචිත්‍ර ධර්මදේශනාමය පින්කමකින් හා සංඝගත දක්ෂිණාවකින් සමන්විත විය.
මෙහිදී පරලෝ සැපත් වැඩිහිටි සමිති වල සාමාජික සාමාජිකාවන්ට පින් අනුමෝදන් කල අතර සමාජ සේවා අංශයේ නිලධාරීන් මෙහි සංවිධාන කටයුතු සදහා සහය විය.



0 Comments