දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්‍යාලයීය නිලධාරීන්  හා නිලධාරිනියන් 2023 නව වසරේ රාජකාරි කටයුතු  ආරම්භ කිරීම 2023.01.02 දින සිදු කරන ලදී.මෙහිදී ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය කරන ලද අතර  රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකර නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කල අතර, අනතුරුව නිලධාරීන් විසින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදී.පසුව ආගමික වතාවත් සිදු කරණ ලද අතර ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් 2023 වසරේ අභියෝග හමුවේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැඩපිළිවෙළ සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමෙන් අන්තුරුව නව වසරට සුභ ප්‍රාර්ථනා කොට වැඩසටහන නිමාවට පත්විය.